සිග්නල් ඩයෝඩ් හා සංඥා ඍජුකරණය (Signal diodes and signal rectification) ඉහතදී විදුලිබලය ඍජුකරණය කරපු ආකාරයටම සංඥා ඍජුකරණයත් සිදු කෙරේ . එහෙත් යම් යම් වෙනස්කම් තිබේ . ඊට හේතුව විදුලි සංඥා හා විදුලිබලය අතර තිබෙන ප්‍රායෝගික වෙනස්කම්ය . සාමාන්‍යයෙන් විදුලි සංඥාවේ තරංගයට විදුලිබලයේ තරංගයට වඩා වැඩි සංඛ්‍යාතයක් තිබෙනවා . තවද , විදුලිබලයේදී එම සංඛ්‍යාතය නියත කුඩා අගයක් ( හර්ට්ස් 50 වැනි ) ගන්නා අතර , සංඥාවක කුඩා අගයක සිට ඉතා විශාල අගයක් දක්වා පරාසයක මෙම සංඛ්‍යාතය විචලනය විය හැකියි . මීට අමතරව , සංඥා විදුලියේ වෝල්ටියතාව හා ධාරාව ( එනම් ජවය ), විදුලිබලයේ වෝල්ටියතාව හා ධාරාවට ( එනම් ජවයට ) වඩා ඉතා කුඩාය . මෙම ගති ලක්ෂණ දෙක නිසා සංඥා ඍජුකරණය විදුලිබල ඍජුකරණයට වඩා තරමක වෙනස් මුහුණුවරක් ගන්නවා . සාමාන්‍යයෙන් සංඥා සංඛ්‍යාතය ඉහල නිසා ඩයෝඩයේ ධාරිතාව ඉතාම ඉතා කුඩා විය යුතුය ( සංඛ්‍යාතය වැඩි වන්නට වන්නට එම ධාරිතාව තව තවත් කුඩා විය යුතුය ). තවද , කුඩා ජවයන් පවතින නිසා , ඩයෝඩය කුඩාය . PIV අගය , V F , හා I F අගයන් එනිසා කුඩාය . මෙම ගතිලක්ෂණ පිහිටන සේ නිපදවූ ඩයෝඩ සිග්නල් ඩයෝඩ හෝ සිග්නල් රෙක්ටිෆයර් ල...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2025