Skip to main content

Posts

රෙද්දෙ ප්‍රොෆෙෂනල්...

This is an invitation sent to BCS members for an event. From: BCS Sri Lanka Section [mailto:srimem@lists.bcs.org.uk] Sent: Tuesday, September 29, 2015 10:13 PM To: srimem@lists.bcs.org.uk Subject: IT Blast - Dinner Dance for ICT Industry Dear Sri Lanka Section Member, CSSL as an associate organization of BCS the Chartered Institute for IT Sri Lanka Section is organizing a dinner dance for the ICT industry in Sri Lanka. They are offering a special rate for BCS Sri Lanka Section Members and you are kindly requested to get involved in this event. Key points are as follows: Dinner Dance is on the 30th of October, at Cinnamon Grand, from 8pm onwards Live music with Gypsies Tickets are being sold at 7,500 each, but for members of sister organisations such as the BCS, the ticket would be available at 6,500. Would be great value for money since they are giving a bottle of Chivas Whiskey, Absolut Voda, and Red Wine to each table of 10. There are a few prizes and surpr...

ලිනක්ස් ඉගෙන ගමු (Linux) - 28

Scanner සැකසීම කොලයක තිබෙන දෙයක් පරිගණකය තුළට ගැනීමට ඇති හොඳම ක්‍රමය මෙය වේ . ස්කැනර් එකක් නැති අවස්ථාවක ෆෝන් එකේ කැමරාවෙන් හෝ වෙනත් කැමරාවකින් එම කොලයේ ෆොටෝ එකක් ගෙන එය පරිගණය තුළට ගැනීමට හැකියි . එවිට හොඳම කොලිටියෙන් ෆොටෝ එක ගැනීම වැදගත් . අද පවතින ස්කැනර් usb පෝට් එකකින් පරිගණකයට සම්බන්ධ කෙරේ . ඔබ කොමියුනිකේෂන්වල නිතර දකින ෆොටෝකොපි යන්ත්‍රයද ස්කැනරයක් හා ප්‍රින්ටරයක් යන දෙකම එකට පවතින උපකරණයකි . එහිදී ඔබ දැක ඇති එම යන්ත්‍රයේ පියනක් ඔසවා කොපි කළ යුතු කොලය තබයි . එවිට එම කොලය ස්කෑන් වී එහි ඇති ලේසර් ප්‍රින්ටරයෙන් ප්‍රින්ට් වේ . පරිගණකයකට ස්කැනර් එකක් ගැනීමේදී අර ෆොටෝකොපි මැෂින් එකේදී මෙන් පියන ඇර කොලය තැන්පත් කළ හැකි ආකාරයේ එකක් ගැනීමට වගබලා ගන්න (flatbed scanner). ඔබ දැක තිබෙනවා ෆැක්ස් මැෂින් . එහිත් ඇත්තටම ස්කැනර් එකක් හා ප්‍රින්ටරයක් ඇත . එහෙත් මෙහිදී ෆැක්ස් කළ යුතු කොලය ඇතුලු කරන්නේ සිහින් ට්‍රේ එකක් තුළටය . එවිට එම කොලය එම ට්‍රේ එකේ කැරකෙන රෝලර් අතරින් ගමන් කරයි . මේ ආකාරයට සාදා තිබෙන ස්කැනර්ද ඇත . එහෙත් එවැන්නකට වඩා ඉහත ෆ්ලැට්බෙඩ් ස්කැනර් එකක් ගැනීම උචිතයි . ෆ්ලැට්බෙඩ් වර්ගයේ ...

ඉලෙක්ට්‍රොනික්ස් II (Electronics) - 5

සර්කිට් ලෝඩිං ඉලෙක්ට්‍රොනික්ස්වල විදුලිය හැමවිටම දෙයාකාරයකින් භාවිතා වෙන බව ඔබ දැන් දන්නවා . එකක් නම් විදුලි සංඥා ලෙසයි ; අනෙක උපකරණ හා ඉලෙක්ට්‍රොනික් උපාංග ක්‍රියාකරවීමට අවශ්‍ය ( විදුලි ) බල ශක්තියක් ලෙසයි . දෙයාකාරයකින් සලකා බැලුවත් මේ අාකාර දෙකෙහිම විදුලිය ගැන කතා කිරීමේදී වෝල්ටියතාව (V), ධාරාව (I), හා ජවය (P) යන තුන පමණයි තිබෙන්නේ . මේ තුන අතර හැමවිටම අවියෝජනීය සබඳතාවක් තිබෙනවා P=VI ලෙස . ඒ කියන්නේ මේ තුනෙන් යම් රාශියක් / ගුණයක් යම් තැනක තිබේද , එතැන අනිවාර්යෙන්ම අනෙක් රාශි / ගුණ දෙකද තිබේ . ඉතිං පරිපථ සෑදීමේදී හා විශ්ලේෂණයේදී මේ තුනෙන් කුමක් සලකාගෙන එය සිදු කළත් කිසිදු වෙනසක් නැහැ නේද ? උපමාවකින් දක්වතොත් , කෙනෙකුගේ උපන්දිනය හා වයස වැනිය . එකක් දන්නේ නම් , නිකංම අනෙක දත හැකියි . ඉතිං දෙකෙන් එකක් පමණක් තිබීම සෑහෙනවා නේද ?   සැබෑ න්‍යායාත්මක ( ගණිතමය ) තත්වය එසේ වුවත් , ප්‍රායෝගිකව අපට එහි වෙනස්කම් ඇත . පරිපථවල සමහර තැන්වල අප සැලකිලිමත් වන්නේ වෝල්ටියතාව ගැන පමණි ( ධාරාව ගැන කිසිදු හැඟීමක් නැති අවස්ථා පවා තිබෙනවා ); තවත් පරිපථ කොටස්වල ධාරාව ගැන පමණි ; තවත් තැනක ජවය ගැනයි . ...