සෑහෙන්න දවසක් තිස්සේ ලංකාවේ පවතින තත්වය ගැන ලිපියක් ලිවීමට සිතමින් සිටියත්, එය අරාබි නිසොල්ලාසය මෙන් ඉවරයක් නැති ඉතා දිගු ලිපියක් වීමට ඉඩ තිබුන බැවින් කල් දමමින් සිටියදි, ඇමරිකානු-ඊශ්‍රායල්-ඉරාන යුද්ධයද පැන නැඟීම නිසා, ඉතා කෙටි ලිපියක් ඒ ගැන ලිවීමට සිතුනි. විවිධ දෙස් විදෙස් ජනමාධ්‍ය හා විශේෂඥයන් හා අවශේෂ පුද්ගලයන් මෙම මැදපෙරදිග ගැටුම ගැන විවිධ අදහස් පල කරනවා. "මැදපෙරදිග" යන වචනයට අමතරව මෙම කලාපය හැඳින්වීමට "බටහිර ආසියාව"(Western Asia) යන වචනයද නිතර අසන්නට ලැබෙනවා (විශේෂයෙන් ඉංග්‍රිසි ජනමාධ්‍ය තුල). බොහෝ අය මෙම යුද්ධය ගැන විචාර කරන්න යොදාගන්නා මූලික ක්‍රමවේද දෙකක් පැහැදිලිවම ඉස්මතු වේ. 1. ලෝකයේ (විශේෂයෙන් ලංකාවේ) දැඩි ඇමරිකානු විරෝධි මිනිස් කොට්ඨාශයක් සිටී (මොහාන් සමරනායක වැනි). ඇමරිකාව ඍජුව හෝ ඔවුන්ගේ මූලිකත්වයෙන් බිහි කරන සියලු නූතන පහසුකම් හිරිකිතයකින් තොරව බුක්ති විඳිමින්, ඇමරිකාවට වෛර කිරීම ඔවුන්ගේ ජඩ පෞරුෂය වේ. ඇමරිකාව කුමක් කලත්, ඉන් ලෝකයට හොඳක් වුවත් විනාශයක් වුවත් ඇමරිකාවට සාප කිරීම ඔවුන්ගේ ලාක්ශනික ගතිගුනයයි. ඔවුන්ට අනුව ඇමරිකාව හා ඇමරිකන් ගැති ඊශ්‍රාලය තම...
සර් මට පාඩම් කරන දේවල් මතක හිටින්නේ නෑනේ
ReplyDeleteඔය කතාව බොහෝ දෙනෙකු කියන එකක්. බය වෙන්න දෙයක් නැහැ... ඕකට අමුතු බෙහෙත් වර්ග හෝ කෑම වර්ග නැත. එනිසා ඒවාට සල්ලි වියදම් කරන්න යන්න එපා. ඕක සම්පූර්ණයෙන්ම පාහේ මානසික තත්වයක්. ඔබට මතක සිටින්නේ ඕනෑකමින් ආශාවෙන් සංවිධානාත්මකව කරන දේවල්ය. ඉතිං, තමන් අධ්‍යනය කරන දේවල් ගැන වෙනත් ධනාත්මක ආකල්පයකින් බලන්න. ඉගෙනීම විනෝදාංශයක් කර ගන්න. තනියෙන් ඉගෙන ගන්නෙ නැතිව ඉගෙනීමට කැමැති දෙතුන් දෙනෙකු සමග පාඩම් කරන්න. අන්න ඒ වගේ සුලු සුලු වෙනස්කම් කිහිපයක් කරගෙන ඔය ගැටලුව මග හරවා ගත හැකියි.
Delete