සෙනෙහස් අඹරේ ඉම සොයා පියඹා
දසතේ සරනා සරුංගලය විය ඇය
විටක මඳ පවනකි වටෙක සැඩ සුලඟකි
කිසිවිට ගැලවී නොයා සිටි රැහැන ඔහුයි
මද පවනෙ නැලවෙන විටදි ඈ
ඉපිලෙන්නට තවත් තුටින් ඉඩ දී
පැහැර යන විට වියුරු සැඩ සුලඟින්
බේරා රැකගෙන ඈ ඉන් දැඩි වෙහෙසින්
අනන්තයම ඉම වූ අහසේ හැම තැන සැරි සරන්නට
සිත් වී සිහි මුලාවෙන් කෙසඟ රැහැන සමඟ උරනව
ඇයි මේසා සීමා නීති බන්දන නැති කර නිදහස
අසන්නේ වීද අමතක ඔහු ගත් වෙහෙස ඈ රැකුමට
නැතිද තමුසෙට වෙන වැඩක් ඇත්තට
ඇයිද ඉන්නේ මාව බැඳගෙන කරුම විලසට
පැන යන්න ඕනැය හැඩි දැඩි සුලඟේ මට
නුඹට නැත මගෙ අයිතිය පෙර සේ මතුවට
Comments
Post a Comment
Thanks for the comment made on blog.tekcroach.top