අධ්‍යාපනික සුදුසුකම් සහතිකපත්‍ර විශ්ව විද්‍යාල හා එහි ව්‍යුවහය විවෘත විශ්ව විද්‍යාලය විශ්ව විද්‍යාල ආචාර්යවරුන් උපාධි වර්ග උපාධි සාමාර්ථ/පංති වෘත්තීය/ප්‍රොෆෙෂනල් අධ්‍යාපනය විශ්ව විද්‍යාල හා පාඨමාලාවල පිලිගැනීම නිදහස් ආරේ අධ්‍යාපනය අධ්‍යාපනය (education) යනු කුමක්දැයි ඇසූ විට විවිධ අය විවිධ පිලිතුරු දිය හැකිය. ඩික්ෂනරිවලද විවිධ අර්ථ දැක්වීම් තිබිය හැකිය. නිශ්චිතවම අර්ථ දැක්වීමට අපොහොසත් වුවත් අප සැවොම අඩුවැඩි වශයෙන් අධ්‍යාපනය ලබමින් සිටී හෝ ලබා ඇත. අධ්‍යාපනය නොයෙක් ආකාරවලින් බෙදා දක්වනවා. ඒ අතුරින් එක් බෙදීමක් තමයි ඉගෙන ගන්නා දැනුමේ මට්ටම අනුව බෙදීම. එවිට සමස්ථ අධ්‍යාපනයම ප්‍රාථමික (primary), ද්විතියික (secondary), තෘතියික (tertiary) ලෙස තුන් ආකාරයකින් බෙදිය හැකියි. මේ එක් එක් මට්ටමේදී ලබා දෙන අධ්‍යාපනයේ විශාල වෙනස්කම් ඇත; ඒ ගැන ඉතා දීර්ඝ ලෙස කතා කිරීමට තිබේ. ප්‍රාථමික අධ්‍යාපනය බොහෝවිට කුඩා ළමුන්ට ලබා දෙන අධ්‍යාපනයයි. ද්විතියික අධ්‍යාපනය ළමා අවධිය පසු කළ පසු නව යොවුන් වියේ හා තරුණ වියේ ලබන අධ්‍යාපනයයි. සාමාන්‍යයෙන් මෙම දෙවර්ගයේම අධ්‍යාපනය ලබා දෙන්නේ පාසැල් (schools) හරහාය. අප...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්‍රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2025