Skip to main content

Posts

Showing posts from June, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 119

දීසි ඇන්ටනාවකින් සිදු වන්නේ ඊට සමාන්තරව රේඛීයව වැටෙන විකිරණ ( තල තරංග – plane waves ) නාභිගත කිරීමනෙ . මෙතෙක් අප සලකා බැලුවේ එම ගති ගුණයයි . එනම් මෙතෙක් අප සලකා බැලුවේ ආදායක ඇන්ටනාවක් ලෙස එය භාවිතා කරන අන්දමයි . මෙහි විලෝම ක්‍රියාවත් ඉතා වැදගත්ය . එනම් යම් ඇන්ටනාවකින් වටේටම විහිදෙන විකිරණය ( ගෝලීය තරංග – spherical waves ) යම් නිශ්චිත එක දිශාවකට පමණක් යොමු කිරීමටත් ඊට හැකියි . මෙවිට දීසි ඇන්ටනාව සම්ප්‍රේෂක ඇන්ටනාවක් ලෙස භාවිතා වේ . සම්ප්‍රේෂක ඇන්ටනාවක් ලෙස දීසි ඇන්ටනාවේ වැදගත්කම කියා නිම කළ නොහැකිය . සාමාන්‍ය ඇන්ටනාවකින් නිකුත් වන විකිරණය ඈතට යන්නට යන්නට අවකාශය පුරා පැතිරෙනවානෙ . එනිසා ඉතා සීඝ්‍රයෙන් සංඥා ප්‍රබලතාව දුරත් සමඟ හීන වේ . වටේටම සංඥා පැතිරවීමට අවශ්‍ය විට සාමාන්‍ය ඇන්ටනාව ඉතාම යෝග්‍ය වේ . එහෙත් රේඩියෝ තරංග යැවිය යුත්තේ නිශ්චිත ස්ථානයකට පමණක් නම් , සාමාන්‍ය ඇන්ටනාව ඉතාම අකාර්යක්ෂම වේ . එය හරියට යමෙකුට පෞද්ගලික පනිවුඩයක් කනට කොඳුරා කිය යුතු වුවත් පත්තරේ දමා එය කියන්නා සේය . එහෙත් පෙර පැවසූ ලෙස දීසි ඇන්ටනාවකින් විකිරණ පිට වන්නේ සිහින් කදම්භයක් සේය . එනිසා එම කදම...

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 118

Horn Antenna අධිසංඛ්‍යාතයන් සඳහා උචිත ඇන්ටනාවකි . waveguide එකක්ද මෙම ඇන්ටනාවේ ඇතුලත්ව ඇත . විශේෂයෙන්ම ඩිෂ් ඇන්ටනා සෑදීමේදී මෙය බහුලවම භාවිතා වේ . මෙය එක් දිශාවකට පමණක් විකිරණය යොමු කරන ( හෝ එක් දිශාවකින් පමණක් රේඩියෝ තරංග ග්‍රහණය කරන ) ඇන්ටනාවක් වන අතර , එනිසාම ගේන් එකත් විශාලය ( ඩෙසිබෙල් 10 කට වැඩිය ). බෑන්ඩ්විත් අගයද විශාල වේ (10:1 ට වඩා ). මෙහි ආකාර කිහිපයක්ම ඇත – Pyramidal, Sectoral ආදි ලෙස . වේව්ගයිඩ් එකක් ගෙන එහි ඉදිරිපස කෝණිකව විශාල කළ (flare) විට ලැබෙන කොටස (horn) නිසා එය හෝන් ඇන්ටනාවක් ලෙස හැඳින්වේ . රවුම් හැඩයේ වේව්ගයිඩ්වලින්ද හෝන් ඇන්ටනා සෑදිය හැකි වුවත් හතරැස් හැඩයේ වේව්ගයිඩ්වලින් සාදා ගන්නා හෝන් ඇන්ටනා ප්‍රචලිතය . පහත රූපවල ආකාරයට එය සිදු කළ හැකිය . පහත රූපයේ උඩින්ම තිබෙන ආකාර දෙක තමයි සෙක්ටරල් කියා කියන්නේ . එහි වම් පැත්තේ ඇන්ටනාව E-Plane horn antenna ලෙස හැඳින්වෙන අතර ( විද්‍යුත් ක්ෂේත්‍රය පිහිටන දිශාවට කට විශාල කරන නිසා ), දකුණු පැත්තේ ඇත්තේ H-plane horn antenna නමි ( මේ දෙකේම පොදු නම තමයි සෙක්ටරල් ). යටම ඇන්ටනාව පිරමිඩල් වේ . සාමාන්‍යයෙන් TE10 මෝ...