FM Stereo එෆ්එම් ක්‍රමය ප්‍රචලිත වූයේ රේඩියෝ සේවාවන් ( චැනල් ) විසුරුවාලීමටය . පැරණි ඒඑම් ක්‍රමයට වඩා උසස් ගුණාත්මක හඬක් ඉන් ලබා ගත හැකියි ( හඬ සඳහා වැඩි සංඛ්‍යාත පරාසයක් වෙන් කෙරෙන බැවින් හා ඝෝෂාවට ඔරොත්තු දෙන බැවින් ). එමඟින් සංගීත වැඩසටහන් හොඳින් රස වින්දනය කිරීමට අවස්ථාව උදා විය . මෙලෙස හඬෙහි ගුණාත්මය තවත් වැඩි දියුණු කිරීමේ ක්රමයකි ස්ටීරියෝ එෆ් එම් කියන්නේ . මෙතෙක් ඉහත කතා කළේ එක් හඬක් පමණක් සම්ප්‍රේෂණය කිරීමකි . එනම් ( සාමාන්‍ය ) මයික් එකකින් ලබා ගත් “තනි” හඬයි එහිදී විසුරුවාලූයේ . එනිසා එම ක්‍රමය FM Mono ලෙස හැඳින්විය හැකියි . ස්ටීරියෝ ක්‍රමයේදී යමක් රෙකෝඩ් කරන්නේ මයික් දෙකකින්ය . හැමවිටම වාගේ මෙම මයික් දෙක ඔබට වෙන වෙනම දක්නට නොලැබේ . ඒ වෙනුවට මයික් දෙකම එකම housing/cover එකේ රඳවා ඇත . එවිට එය ස්ටීරියෝ මයික්රෆෝනයක් ලෙස හැඳින්වේ ( අග්‍ර 3 ක් එහි ඇත ). මෙම මයික් දෙක වෙන වෙනම ගලවා ගැනීමට බැරිය . තවද , වෙන වෙනම මොනෝ මයික් දෙකක් වුවද යොදා ගත හැකියි . ඉහත කුමන ක්‍රමයකින් හෝ ලැබෙන හඬ සංඥා චැනල් කියා හැඳින්වෙන අතර , ඒ අනුව ස්ටීරියෝ රෙකෝඩිං එකකදී චැනල් දෙකක් ( සාමාන්‍යයෙන් l...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2025