එල්එන්බී එකේ එෆ් කනෙක්ටරයෙන් පිටවන විද්‍යුත් සංඥාව සැටලයිට් රිසීවරය කරා කේබලයක් මඟින් ගෙන යා යුතුය. මෙම කේබලය coaxial cable වේ . ඊට එම නම ලැබී තිබෙන්නේ කේබලයේ මැද තනි තඹ කම්බියකුත් එම කම්බිය වටා පරිවාරකයකුත්, නැවත එම පරිවාරකයට පිටින් ඒ වටා තඹ කම්බි දැලකුත් ( braid ) තිබෙන නිසාය. සංඥා ගමන් කරන්නේ මැද කම්බිය දිගේය. පිටත තිබෙන තඹ දැල සාමාන්‍යයෙන් භූගත (ground/earth) කෙරේ . විදුලි සංඥා ගෙන යන සෑම වර්ගයේම කේබලයක මූලික ලාක්ෂණික ගතිගුණයක් තිබෙනවා characteristic impedance (Z 0 ) යනුවෙන්. සාමාන්‍ය ටීවීවල හා සැටලයිට් ටීවීවල යොදා ගන්නා කේබල්වල එම අගය ඔම් 75 විය යුතුය. මෙම ඕම් අගය කේබලයේ සාමාන්‍ය ප්‍රතිරෝධය (resistance) නොවේ ; එනිසා එය මල්ටිමීටරයකින් මැනගත නොහැකිය . මෙම කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් අගය තීරණය වන්නේ කේබලය නිෂ්පාදනය කරන විදිය අනුවය (එනම් මැද තඹ කම්බියේ විශ්කම්භය, එම කම්බියේ සිට ඊට පිටින් ඇති තඹ දැලට ඇති දුර, තඹ කම්බිය හා තඹ දැල අතර යොදා ඇති පරිවාරක ද්‍රව්‍ය, ආදිය අනුව). එනිසා අඩියක් දිග කේබලයක වුවත්, එම කේබලයේම කිලෝමීටරයක දිගක් වුවත් කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස්...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2025