Skip to main content

Posts

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 106

Off-Center Fed Dipole Antenna සරල ඩයිපෝල් ඇන්ටනා බටයේ දිග කුමක් වුවත් , ඊට සංඥා විදුලිය සැපයුවේ මැදින්ය . එනිසා එවැනි ඩයිපෝල් Center-Fed Dipole කියාද හැඳින්වෙනවා . එහෙත් ඩයිපෝලයේ මැදින් නැතිව වෙනත් තැනකින් වුවද සංඥාව ඊට ඇතුලු කළ හැකි අතර මෙවන් ඩයිපෝල් සියල්ලම Off-center Fed (OCF) Dipole ලෙස හැඳින්වෙනවා . ඇන්ටනා ඩයිපෝලයකට ෆීඩ්ලයින් එකක් හරහා සංඥා සපයන ස්ථානය feed point ලෙස හැඳින්වෙනවා . මෙවන් ඇන්ටනාවක් තරංග ආයාම කිහිපයක් සපෝට් කරනවා ; එනම් ඇන්ටනාව මල්ටිබෑන්ඩ් වේ . සාමාන්‍යයෙන් මෙම ඩයිපෝලයක සම්පූර්ණ දිග තරංග ආයාමයෙන් භාගයකි . සෙන්ටර් - ෆෙඩ් හාෆ්වේව්ලෙන්ත් ඩයිපෝලයක නම් සම්භාදකය ඕම් 75 අසල අගයක් වුවත් මෙවන් ඩයිපෝලයක සම්බාදක අගය ඊට වඩා වැඩි වේ . එම අගය දළ වශයෙන් සෙවීමට සූත්‍රයක් ඇත . ඇත්තටම පහත සූත්‍රයෙන් සොයන්නේ OCF ඩයිපෝලයක රේඩියේෂන් රෙසිස්ටන්ස් එකයි ( මීට පෙර අප ඉගෙන ගත්තා ඇන්ටනාවේ සම්බාදක අගය හා රේඩියේෂන් රෙසිස්ටන්ස් එක අතර පවතින සම්බන්දතාව ). මෙහි x යනු ඩයිපෝල් කෙලවර සිට ෆීඩ් පොයින්ට් එකට ඇති දුර වේ . ඉහත රූපයේ ocf ඩයිපෝලය සඳහා රේඩියේෂන් රෙසිස්ටන්ස් එක ගණනය කරමු මීටර්...