Skip to main content

Posts

Showing posts from August, 2025

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

සය පුද්ගල ඕමි කාඩ් සෙල්ලම (Six-Player Omi Card Game)

මල ගෙවල්වල රාත්‍රිය ගෙවා දමන්නට හා නෑදෑයන් එකතු වූ මොහොතක අප කවුරුත් සෙල්ලම් කරන්නට පුරුදුව සිටින ඉතා ලස්සන කාඩ් සෙල්ලමක් තමයි ඕමි කියන්නේ. එහෙත් එය එකවර පුද්ගලයන් සතර දෙනෙකුට පමනයි සෙල්ලම් කල හැක්කේ. අද මට මිතුරියක් පැවසූ දෙයක් නිසා, මට සිතුනා එය සය දෙනෙකුට සෙල්ලම් කරන්න බැරිද කියා. ඒ අනුව සුලු වෙනස්කම් කිහිපයක් සිදු කළ විට, අපූරුවට සය දෙනෙකුට එය සෙල්ලම් කල හැකි බව පෙනුනා. ඒ ගැන පිටු තුනක කුඩා ටියුට් එකක්ද සාදා මා ඇයටත් අන් මිතුරන්ටත් බෙදා හැරියා. ඒ අතරේ සිතුනා බ්ලොග් එකෙත් දමන්නට. බලන්න ඔබත් මෙය සෙල්ලම් කර. සය පුද්ගල ඕමි සෙල්ලම සාමාන්‍ය ඕමි සෙල්ලම කරන්නේ පුද්ගලයන් 4 දෙනෙකු කන්ඩායම් දෙකකට බෙදීය. එම සෙල්ලම පුද්ගලයන් 6 දෙනෙකු විසින් කන්ඩායම් 3කට බෙදී කල හැකි ලෙස සකස් කර ඇති අතර, එහිදී එම වෙනස්කම්වලට අදාලව සිදු කල සරල රීති සංශෝධන හා අලුත් රීති පහත විස්තර කෙරේ.   මේ සඳහා 52 ක කොල කුට්ටම හා ජෝකර් කාඩ් 2ද අත්‍යවශ්‍ය වේ.   එක කන්ඩායමකට පුද්ගලයන් දෙදෙනකු සිටින අතර, එවැනි කන්ඩායම් 3ක් සිටී. ඒ අනුව පුද්ගලයන් 6 දෙනෙකුට මෙම සෙල්ලම කල හැකිය.   6 ඉලක්කමේ සිට (6ද ඇතුලුව) ඉහලට ඇති කොල 3...