Skip to main content

Posts

Showing posts from August, 2024

දෙවැනි ගෝටාගමනය

මාලිමා ආණ්ඩුවක් පතමින් විශාල පිරිසක් දිවා රෑ වෙහෙසෙමින් කටයුතු කරන බවක් පෙනෙන අතර, ඇත්තටම මට ආයේ මතක් වන්නේ ගෝඨාභය ජනපතිවරණයට තරග වදින කොට තිබුණු තත්වයමයි.  මාලිමාව ගෙඩි පිටින්ම කරන්නේ එකල රාජපක්කලා කරපු ප්‍රචාරණ වැඩපිලිවෙලමයි. එහෙත් කිසිදු විමසිල්ලක් නැති සිංහල තරුන වහල්ලු ජවිපෙ/මාලිමා රජයක් ආ විට බොහෝවිට ඇති විය හැකි දේවල් ගැන සිතා බලා තිබේද? ගෝඨාභය ඇන ගත් දේවල් අතර ලොකුවටම තිබුනේ විදෙස් විනිමය හිඟ වීමය. එම නිසා රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, බෙහෙත් හා තවත් අත්‍යවශ්‍ය දේ රටට ආනයනය කිරීමට බැරි විය. එනිසාම විදුලිය කපන්නට සිදු විය. තෙල් පෝලිම්වල වරුගනන් සිටින්නට සිදු විය. ඒ අත්දැකීම් එකින් එක නැවත මතක් කිරීමට අවශ්‍ය නැත මොකද අප එය හොඳටම විඳෙව්වෙමු.  එහෙත් එම අත්දැකීමට ආයේ මුහුන දීමට සිදු විය හැකි බවක් පෙනේ. කවදත් විදෙස් ණය වලින්ම විදෙස් ණය සේවාකරණය කරමින් සිටි ලංකාව මෑත ඉතිහාසයේ කිසිදා දේශීය නිෂ්පාදනය ඉහල දැමීමෙන් එම ණය ගෙවන තත්වයක සිටියේ නැත. එමනිසා නිරන්තරයෙන් අප විදෙස් ණය උගු​ලේ සිර වී සිටියා. මාලිමා රජයක් ආ සැනින් එම තත්වය කනපිට පෙරලෙන්නේ නැත. ඒ සඳහා වසර කිහිපයක් ගත වනු ඇත (ඔවුන් ඉතාම හොඳි

ජනතා විමුක්ති පෙරමුන (මාලිමාව) හා සමලිංගිකත්වය

මා දැන් වසර කිහිපයක සිට ජවිපෙ (මාලිමාව) දැඩි ලෙස විවේචනය කරමින් සිටී. එසේ තිබියදිත් පසුගිය කාලය තුල මාද ඔවුන්ගේ සමහර සාකච්ඡාවලට සහභාගී වී ඇත (ඒවා ඵල රහිත "බොල්" විය). මාලිමාව ජයග්‍රහනය කරන්නට යන පිරිසෙන් අතිශය බහුතරය එසේ කරන්නට සිතන්නේ දශක කිහිපයක සිට රට පාලනය කල දේශපාලු පක්ෂ විසින් සිදු කරන ලද විනාශකාරී මංකොල්ලකාරී දේශපාලනය නිසාය. උනුත් හොඳ නැහැ මුනුත් හොඳ නැහැ නිසා ජවිපෙට දීලවත් බලමු යන හැඟීමෙන් යුතුව ඔවුන් වැඩ කරනවා. වෙනත් විකල්ප නොමැති නිසා, සමහරවිට අසරනකමට ජවිපෙට ඡන්දය දීමට ඔවුන් ඉබේම පෙලඹීම අසාධාරනද නැත.  එහෙත් අප විසින් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් තෝරා ගත යුත්තේ එසේ නොවේ. ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා, ප්‍රතිපත්තිවලට එකඟ නම් පමනයි අපගේ ඡන්දය ලබා දිය යුත්තේ. එහෙත්, ජවිපෙට සහය දක්වන පිරිස ජවිපෙ ප්‍රතිපත්ති දන්නේද? පැහැදිලිවම නැත. ට්‍රෙන්ඩ් එකට දේශපාලනය කිරීමට පුරුදුව සිටින ලාංකිකයන්ට ප්‍රතිපත්ති දේශපාලනය කොහෙත්ම හුරු නැත.  ජවිපෙ පාක්ෂිකයා පොහොට්ටුවේ පාක්ෂිකයාට වඩා ගර්හිත තත්වයේ සිටී. ජවිපේ කෝර් එකට ඔවුන්ගේ නායකයාගේ වදන් පන්සිල් පද, කොරානය, භගවත් ගීතාව, දස පනත වැනි

මගේ ආර්ථිකය

අද ජවිපෙ නායක අනුර කුමාරගේ (පැරනි හෝ අලුත්) සම්මුඛ සාකාච්ඡාවක කොටසක් දුටුවා. එහිදී ඔහු හිඟි කරන්නේ ලංකාවට වැඩි වැඩියෙන් ඩොලර් රැගෙන ආ යුතු බවයි. දකුනු කොරියාව සැම්සුන් හරහා එය කරපු විදියත් ඔහු පවසනවා. අප්‍රිකානු රටවල් සමග නව තානාපති සබඳතා ඇති කර ගත යුතු බවට යෝජනාද ඔහු කරනවා මොකද එම රටවල්ද ආර්ථික වශයෙන් ඉදිරියට එමින් සිටින නිසා. ඉන්පසු (එකවරම), වැඩසටහන මෙහෙයවන පුද්ගලයාගේ එක් පැනයකින්/හිඟියකින් ගෝලීය ආර්ථික නව ප්‍රවනතාව වන එක් භාන්ඩයක් නිපදවීම රවටල්/ඒකක ගනනාවක දාමයකින් සිදු කරන වැඩපිලිවෙලෙහි වැදගත් පුරුකක් වීමේ අවශ්‍යතාවද ඕනෑකමින් පෙන්වා දුන්නා. මේ ජවිපෙ මතයදැයි එකවර පුදුමයට පත් වුවත්, හනමිටි පැරනි පුද්ගල මතවාද (මාක්ස් ආදීන්ගේ) අත්හැර අඩුම ගානේ මේ විදියට හෝ ආර්ථික මතමාද වෙනස් කර ගැනීම තරමක සතුටට කරුනක් ලෙස සැලකිය හැකියි. ලංකාව ගත හොත්, එය විශාල මානව සම්පතක් තිබෙන රටකි. රට තුල වගා කල හැකි බිමද, ජලයද, තවත් සම්පත් බොහොමයක්ද තිබේ. එහෙත් හැමෝම කතා කරන්නේ රට තුලට ඩොලර් තොග පිටින් ගෙන ඒමට වැඩපිලිවෙල්ය. එවිට රටේ ආර්ථිකය සුඛිත මුදිත වේද? එය තඩිම තඩි (ඊනියා සාර්ව ආර්ථික) මුලාවකි.  එම ඩොලර්වලින් කල