ශ්‍රී ලංකා මෑත ඉතිහාසයේ දේශපාලනය තුල දක්නට ලැබුනු විශාලතම අප්‍රියජනක මජර දේශපාලන වෙනස්වීම් අපට අත්විඳීමට සිදු විය. සභ්‍ය වචනවලින් විස්තර කිරීමට බැරි තරම් ඒවා අවකල් සිදු වීම්ය. ඡන්දයකින් පත් නොවුනු වධකයෙකු රටේ ජනපති විය. දේශපාලනයේ පරම සතුරන් දෙදෙනෙකු එකට රට පාලනය කරන්නට විය; එය රටේ යහපත වෙනුවෙන් නොව උන්ගේ පැවැත්ම උදෙසා වේ. කාලයක් මුලුල්ලේ වීරයකු පමනක් නොව ජනශ්‍රැතික ගැලවුම්කරු ලෙස පිලිගැනීමට ලක් වූ පාදඩ රූකඩ ප්‍රතිරූපයේ සැබෑ ස්වරූපය විදහපාමින් නන්දසේන රටෙන් පැන ගොස් තිබේ. එකල මැතිවරණ සමයේ උගෙන් ආර්ථික ප්‍රශ්නයක් ඇසූ විට "හික් හික්" ගෑ විලසින්ම අවසානයේ රටත් හික් කොට ඌ පැනගොස් තිබේ. එක්තරා විදියකින්, කොටි ත්‍රස්තවාදී යුද්දයේදී ආරක්ෂක ලේකම් නන්දසේනගේ භූමිකාව ඉන් සිතා ගත හැකිය. මා හැමදාමත් පැවසුවේ නන්දසේන එකලත් නිකංම ක්ලාර්ක් කෙනෙකුගේ ජොබ් එක කල බවයි. සැබෑ වීර චරිතය සරත් ෆොන්සේකා විය. ඊට බැරි බැරි ගාතේ හෝ මහින්ද රාජපක්ෂගේ සහය ලැබුනි. එනිසා යුද්දයේ සැබෑ කීර්තිනාමය ඔවුන් දෙදෙනාට යා යුතුය. එහෙත් එය ලබා ගත්තේ කොහේවත් සිටි නපුංසක ලේකම් කෙනෙකි. ආටිෆිෂල් ඉන්ටලිජන්ස්වලින් රට කරන්න ආපු එක...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2025