තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි. ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්
බියගුලු ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් සියලු දෙස් විදෙස් අය ගැනත් ඉන් තුවාල ලැබූ අය ගැනත් දැඩි ශෝකයක් අප සිත් සතන් තුල රඳවා ගනිමින් ඔවුන් වෙනුවෙන් සංවේගය පල කරමු. තිබෙන තොරතුරු අනුව ඉතා පැහැදිලිවම මෙම දුක්කිත තත්වය සම්පූර්ණයෙන්ම වලක්වා ගත හැකිව තිබියදීත් එම සිදුවීම් දාමය සිදු වීමට හැර තිබෙන බවක් තිබේ. එහි පලමු වරදකරු පොලිස්පති වන අතර, ඌව නිකංම තනතුරින් පහනොකර අපරාධ චෝදනා එල්ල කරමින් දඬුවම්ද ලබා දිය යුතුය. දෙවැනි වරදකරු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වන අතර, ඌගේ වගකීම් විරහිත ක්‍රියා කිරීමටද එරෙහිව අපරාධ චෝදනා ලබා දී දඬුවම් දිය යුතුය. හමුදා පමනක් නොව සිවිල් නීතිය මෙහෙවන පොලිසියද ඌ යටතේ තිබෙන බැවින් සිදු වී ඇති ව්‍යසනයේ බරපතලකම සලකා ඉදිරියේදී මෙවැනි වගකීම් විරහිත හැසිරීම් එවැනි රාජ්‍ය නිලදාරින්ගෙන් සිදු නොවනු පිනිසත් බරපතල දඬුවම් ලබා දිය යුතුමය. මේ ව්‍යසනයත් සමඟම රාජ්‍ය පාලනයේ තිබෙන විසුලු ස්වභාවය මුලු ලොවටම ප්‍රදර්ශනය විය. මොන්ටිසෝරි ළමුන් මෙන් එවුන් හැසිරී ඇත. රටේ දෙවැනි පුරවැසියා හා ආරක්ෂක (රාජ්‍ය) ඇමති ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් ලෙස පත් කර ගෙනද නැත. ජනපති රටේ නැති විටකදී