ඉහත උදාහරණවලදී කළා මෙන් බොහෝමයක් ෆන්ක්ෂන් අප විසින්මයි සාදා ගන්නේ . එහෙත් සමහර ෆන්ක්ෂන් අප විසින් සාදන්නේ නැති බවද ඉහතදී දුටුවා . ඒවා වෙන අය විසින් සාදා තිබෙනවා . අපට තියෙන්නේ ඒවා අවශ්‍ය තැන්වල පාවිච්චි කිරීමටයි (printf, scanf යනු මෙවැනි ෆන්ක්ෂන්වලට උදාහරණ දෙකකි ). අප විසින්ම සාදා ගන්නා ෆන්ක්ෂන් user-defined function ( මෙහි තේරුම " අප / යූසර් / ප්‍රෝග්‍රැමර් විසින්ම සාදන ෆන්ක්ෂන් " යන්නයි ) ලෙස හැඳින්වෙන අතර , වෙන අය සාදා අපට පාවිච්චි කිරීමට ලබා දී තිබෙන ෆන්ක්ෂන් library function ලෙස හැඳින්වෙනවා . මේවාට ලයිබ්රරි ෆන්ක්ෂන් යන නම ලැබී තිබෙන්නේ මෙලෙස ෆන්ක්ෂන් විශාල සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් ලබා දෙන බැවිනි ( පොත් ගොඩක් තිබෙන තැනකට ලයිබ්රරි හෙවත් පුස්ථකාලයක් කියා කියන්නා සේ , ෆන්ක්ෂන් ගොඩක් තිබෙන තැනකුත් ලයිබ්රරි එකක් තමයි ). ඔබ විසින් අනර්ඝ විදියට සාදන ෆන්ක්ෂන් වෙනත් අයටත් නිතර නිතර අවශ්‍ය වේ යැයි සිතනවා නම් , ඔබටත් පුලුවන් ඒවා වෙන අයට ලබා දෙන්නට කටයුතු කරන්න . එවිට ඔබේ එම ෆන්ක්ෂන් එකත් ලයිබ්රිරි ෆන්ක්ෂන් එකක් වේවි . බොහෝ ප්‍රෝග්‍රැමර්ස්ලා ඇත්තටම බහුලව අවශ්‍ය...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2025