Skip to main content

Posts

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 117

Waveguide යම් ස්ථානයක රේඩියෝ තරංග නිපදවූ පසුව එය ඇන්ටනාවට හෝ යම් පරිපථයකට හෝ රැගෙන යා යුතුයිනෙ . ඒ සඳහා අප වයර් භාවිතා කරනවා . එහෙත් සංඛ්‍යාතය එන්න එන්නම වැඩි වන විට එම රේඩියෝ සංඛ්‍යාත (RF) විදුලි සංඥා එන්න එන්නම වයරය මතුපිටින් ගමන් කිරීමට පෙළඹෙනවා . එය චර්මීය ආචරණය බවත් ඒ ගැන විස්තරත් මීට පෙර අප ඉගෙන තිබෙනවා . එහෙත් සංඛ්‍යාතය තවත් වැඩි කරගෙන යන විට එම සංඥා වයරය මතුපිටින් තරමක් පිටතින් ගමන් කිරීමට පටන් ගන්නවා . ඔව් ; දැන් සංඥා ගමන් කරන්නේ වයරයේ නොව , වයරයට පිටින්ය . තවදුරටත් වයරයට එය සීමා නොවන නිසා වයරය අවට තිබෙන ද්‍රව්‍ය සමඟ අන්තර්ක්‍රියා කිරීමට ඊට හැකි අතර එය සංඥා හීන වීමට හේතු වේ . ඉතිං , මෙවන් අධිසංඛ්‍යාතයන් ( ගිගාහර්ට්ස් කලාපයේ රේඩියෝ තරංග ) එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යොමු කිරීමට වයර් වෙනුවට ලෝහවලින් විශේෂිත ආකාරවලින් සාදපු “බට” භාවිතා වේ . මේවා තමයි වේව්ගයිඩ් කියන්නේ . දැන් බටයක් තුලින් වතුර ගලා යන්නා සේ මෙම වේව්ගයිඩ් තුලින් සංඥා විදුලිය ගමන් කරයි . සංඥා විදුලිය ගමන් කරන්නේ වේව්ගයිඩ් එක ඇතුලේ බැවින් භාහිර ද්‍රව්‍ය සමඟ ඊට ක්‍රියා කිරීමට බැරිය . එනම් රේඩියෝ සංඥා හායනය න...

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 116

HV Capacitor, Coil, Antenna Traps යම් PVC පයිප්පයකින් කැබැල්ලක් (x දිගක් සහිත ) කපා ගන්න ( සිතමු එම පීවීසී පයිප්ප බිත්තියේ ඝනකම මිලිමීටර් 4 ක් කියා ). දැන් මෙම පීවීසී බටයට ( පහත රූපයේ C වලින් එය දැක්වේ ) පිටින් එම හැඩයෙන්ම සන්නායක ( ඇලුමිනියම් ) කොටසක් ( පහත රූපයේ B වලින් එය දැක්වේ ) හා එම පීවීසී බටයට ඇතුලතිනුත් එම හැඩයේම සන්නායක කොටසක්ද ( පහත රූපයේ A) සවි කර ගැනීමට අවශ්‍ය වේ . මෙහිදී පීවීසී කැබැල්ල තමයි ධාරිත්‍රකයේ ඩයිඉලෙක්ට්‍රික් එක ලෙස ක්‍රියා කරන්නේ . පීවීසී කැබැල්ල තුල හා පිටින් යොදන ලෝහ වලලුවල ඝනකමත් මිලිමීටර් 2 ක් හෝ ඊට වැඩි වීම සුදුසුය ( ධාරාව වැඩි වන විට ඝනකමද වැඩි විය යුතුය ). උදාහරණයක් ලෙස පීවීසී බට කැබැල්ලේ පිටත බිත්තියට ඇති විශ්කම්භය (outer diameter – OD) මිලිමීටර් 30 ක් නම් , පිටින් සවි වන ඇලුමිනියම් වලල්ලේ ඇතුලත බිත්තියේ විශ්කම්භයද (inner diameter – ID) මිලිමීටර් 30 ක් විය යුතුය . මෙවිට , පීවීසී බට කැබැල්ලේ ID අගය 30 – 4 = 26 මිලිමීටර් වේවි . එවිට , ඇතුලතින් සවි වන ඇලුමිනියම් බට කැබැල්ලේ OD අගයද මිලිමීටර් 26 ක් විය යුතුය . තවද , හොඳින් චලනයන්ට ( සුලඟට එහෙම...