රසායනිකව විදුලිය නිපදවීම හා බැටරි යම් යම් රසායනික ද්‍රව්‍ය එකිනෙකට ප්‍රතික්‍රියා කරන විට ඉලෙක්ට්‍රෝන / අයන වෙන් වීම නිසාද විදුලියක් හටගන්නවා . මෙලෙස සාදා ගන්නා විදුලිය තමයි බැටරිවල තිබෙන්නේ . බැටරි අප නිතරම භාවිතා කළත් , බැටරි යනු එක්තරා විදියකින් අකාර්යක්ෂම විදුලි ප්‍රභවයකි . ඊට හේතුව වන්නේ බැටරියකින් අපට ලබා දෙන මුලු ශක්තියට වඩා අතිවිශාල දැවැන්ත ශක්තියක් බැටරි නිෂ්පාදකයන් විසින් වැය කරනවා එම බැටරිය සාදා නිම කිරීමට . සටහන මිනිසා කෘත්‍රිමව සිදු කරන රසායනික ප්‍රතික්‍රියාවලින් සේම ස්වාභාවිකවම සතුන් හා ශාක තුල සිදුවන ප්‍රතික්‍රියා හා ක්‍රියාකාරිත්වයන් බොහොමයකම යම් විදුලි ක්‍රියාකාරිත්වයන් ඇත . සමහරුන් ජීවී ශරීරයක විදුලිය තිබෙන බව පවසන්නේ එනිසාය . ජීවීයකු තුල සිදුවන සමහර ක්‍රියාකාරිත්වයන්හි උදාසීන රසායනික ද්‍රව්‍ය වෙනුවට ධන අයන ( සෝඩියම් අයන වැනි ) හා ඍණ අයන ( ක්ලෝරයිඩ් අයන වැනි ) වශයෙන් එම ද්‍රව්‍ය නිදහස්ව පවතිනවා . ඉතිං මෙම ආරෝපිත ද්‍රව්‍ය ( අයන ) ගමන් කරන විට , එයම විදුලියක් ගමන් කිරීමක් ලෙස සැලකිය හැකියි නේද ? විශේෂයෙන්ම ජීවියකුගේ ස්නායු පද්ධතිය තුළ පණිවිඩ ගලා යන්නේම ...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2026