ලංකාවේ වර්තමානයේ සිදු වන දේවල් හරියට චිත්‍රපට ජවනිකා මෙන්ය. වරෙක හාස්‍යජනකය, වරෙක පිලිකුල්සහගතය, තවත් වරෙක රතු කට්ට පන්නයි... චිත්‍රපටියක හැරෙන්න මෙවැනි හැඟීම් ගොන්නක් එකට දිය හැක්කේ ලංකාවේ දේශපාලුවට පමනි. ජනපති නීත්‍යානුකූලව රනිල්ගේ අගමැතිකම ඉවත් කර මහින්දට දුන්නේය. කවුරු මොනව කිව්වත් එය ව්‍යවස්ථාවට අනුකූල වේ. එනිසාම රනිල් එය අභියෝගයට ලක් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නොගියේය. එහෙත් එය ආපස්සට හැරවිය හැකි ක්‍රමයක් හොඳින් පෙනුන බැවින් රනිල් අරලිය ගහ මැදුරෙන් නොගියේය. පාර්ලිමේන්තුව තුල බහුතරය පෙන්වීම එම ක්‍රමයයි. එනිසාම පාර්ලිමේන්තුව යලි කැඳවා ගැනීමට ඔහුට අවශ්‍ය විය. එවිට මහින්දගේ හෙන්චයියන් කොතරම් අපහස උපහස රනිල්ට පැවසුවේද යන්න කවුරුත් දනී. ලැජ්ජ නහරය පාසල් කාලයේදීම රෝයල් එකේ ඩෙස්ක් එක යට සමනල මිතුරන් සමඟම කපා දමාගෙන සිටි රනිල්ට ඒවා ගානක්වත් නැති විය. දෛවයේ සරදමක් සේ එය දැන් ආපස්සට මහින්දට කැරකීවිත්ය. පැහැදිලිවම රනිල් අද පාර්ලිමේන්තුව තුල බහුතරය පෙන්වීය. පෙරත් අප සටහන් කර ඇති පරිදි ස්ථාවර නියෝග අත්හිටුවා පාර්ලිමේන්තුවේ බහුතරයගේ කැමැත්ත පරිදි වැඩ කිරීමට පාර්ලිමේන්තුවට නීත්‍යානුකූල බලය ඇත. ...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2025